පාසල් සිසුවියකට ජීවිතය අහිමි කළ බිහිසුණු රිය අනතුරේ ඇඟ කිළිපොලා යන CCTV දර්ශන එළියට

යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ අද(15) උදෑසන සිදුවූ අනතුරකින් පදික මාරුව හරහා ගමන්කරමින් සිටි සිසුවියක් ජීවිතක්ෂය ට පත්ව තිබේ. 

එම අනතුරින් තවත් සිසුවියක් හා සිසුවෙක් ද තුවාල ලබා රෝහල් ගතකළ බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
පාසල් දරුවන් පදික මාරුව හරහා ගමන් කරනවාත් සමඟ ලොරි රථ දෙකක් ඔවුන්ට ඉඩ දී සිටී. 

අධික වේගයෙන් පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් ලොරිරථයක ගැටී එම ලොරිරථය ඉදිරියෙන් තිබු අනෙක් ලොරි රථයක ගැටී ඉදිරියට ඇදී යෑමෙන් අනතුර සිදුව තිබෙනවා. 

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිරුවාසගම් මධූසාලිනී නැමති 17 හැවිරිදි කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ අංශයේ සිසුවියක්. 

තුවාල ලැබු අනෙක් සිසුවියගේ හා සිසුවාගේ තත්ත්වය තරමක් බරපතළ බවත් ඔවුන් කිලිනොච්චිය දිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසනවා. 

ලංගම බස්රථය වවුනියාවේ සිට යාපනය දක්වා අධික වේගයෙන් ගමන්කර ඇති බවත්, රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බවත් පොලීසිය සඳහන් කරනවා. 

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලීටර් 4ක් විකුණලා මාළිගා හදන්නද..? එයාලට තිබ්බ මොළේ ආණ්ඩුවට නෑනේ..විලිලැජ්ජා නැති වැඩක්ද මේ කරන්නේ
03:02
Video thumbnail
"ගෝඨාභය ළඟට ගියාම අනේ තේරෙන්නේ නෑ කිව්වා"සංජීව හිනාවෙවී කිව්ව දේ..විපක්ෂ නායක ගැන අපිට හරිම සතුටුයි
05:11
Video thumbnail
රෙදි හෝදන හැටි කියනවා..මොන විලිලැජ්ජා නැති වැඩද මේ ?..කැබිනට් එකේ ඉන්න හොරු ටික අයින් කරන්න
03:53
Video thumbnail
බිලියන ගණන් හොරකම් කරපු උන්ට මොකුත් නෑ..කොස්තාපල් කෙනෙක් රු.500ක් හොරකම් කළාම වැඩ තහනම් කළා..
01:24
Video thumbnail
මහජන උපයෝගිතා කොමිසන් සභාවේ දත් තියෙනවා හපන්න පණ නෑ..දැන් කෙඳිරි ගානවා
04:27
Video thumbnail
ලියුමක් නිසා අර්ජුනට රතු කට්ට පනියි..හතරබීරි ලියුම දක්කම සංස්කෘත, අපබ්‍රංශ මතක් වෙන්නේ
02:35
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11
Video thumbnail
මහජනතාවට අබ සරණයි ඉතින්..අවකළමණාකරණයේ පාඩුවත් දැන් මහජනතාව මත දානවා
04:07