AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සිසුවා ලිඳකට වැටී මරුට (ඡායාරූප)

ඕමන්ත ප්‍රදේශයේ නිවසක ලිඳක් තුළ තිබී හත් හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.එම දරුවා අතුරුදන් ව ඇති බවට ඥාතීන් විසින් සිදුකළ විමර්ශනයකදීයි දරුවාගේ සිරුර ඕමන්ත,නව්වි ප්‍රදේශයේ ලිඳක තිබී සොයාගෙන ඇත්තේ.

ඊයේ දිනයේ මෙම දරුවා තවත් දරුවන් කිහිපදෙනෙකු සමඟ උපකාරක පන්තියකට සහභාගීවීම සඳහා නිවසෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අනතුරුව රාත්‍රිය වනතෙක් දරුවා නිවසට නොපැමිණීමත් සමඟ දරුවාගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.ඒ අනුවයි අසල්වැසි නිවසක ලිඳක තිබී පොලිසිය විසින් දරුවාගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ.මියගොස් ඇති සිසුවාගේ පොත් බෑගය හා වතුර බෝතලය අසල කුඹුරක වැටී තිබියදී සොයා ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙම දරුවා තවත් දරුවන් කිහිපදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී ලිඳට වැටී මියගොස් ඇති බවටයි සැකපළකරන්නේ.දරුවාගේ මළ සිරුර ළිදෙන් ගොඩගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර තිබෙනවා.

ඕමන්ත පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?