පාසල් සඳුදා (12) ඇරඹෙයි

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ පළමු වාරයේ තුන්වන අධියර ලබන සඳුදා (12) ආරම්භ කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයයි මේබව නිවේදනය කළේ.

සාමාන්‍ය පෙළ විභාගයේ කටයුතු හේතුවෙන් පාසල් නිවාඩු ලබාදී තිබු අතර විභාගය ඊයේ 8 අවසන් වුණා.

මේ අතර නබ පාසල් වාරයට පෙර සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

සියලු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේ ද සහයෝගයෙන් දිවයින පුරා මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සිදු කිරීමට අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ.

පාසල් වසා තිබූ මෙම කාලය සාමාන්‍යයෙන් වර්ෂා සහිත කාලයක් බැවින් පාසල් පරිශ්‍රයන්හි වැසි ජලය හා කුණු කසල එකතු වී මදුරු උවදුර ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නා.

කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහන මෙම සති අන්තයේ ක්‍රියාවට නංවන අතර පාසල්වල මේ වන විටත් ක්‍රියාත්මක පවිත්‍රකරණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් හා දිරිමත් කරමින් කලාප කාර්යාල, නගරසභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහනගර සභාව හා පොලිසිය පාසල් සමග සම්බන්ධ කරමින් එම පවිත්‍ර කිරීමේ දී මතු වන අභියෝග ජයගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පාසල කුණු කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් නොකර දරුවන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් වගකීමකින් යුතුව කටයුතු කිරීමට පාසල් අවට ප්‍රජාව ද පෙළඹිය යුතු බවත් මෙහි දී ඔහු පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
8
+1
4
+1
7
+1
14
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?