පාසල් සඳුදා (12) ඇරඹෙයි

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ පළමු වාරයේ තුන්වන අධියර ලබන සඳුදා (12) ආරම්භ කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයයි මේබව නිවේදනය කළේ.

සාමාන්‍ය පෙළ විභාගයේ කටයුතු හේතුවෙන් පාසල් නිවාඩු ලබාදී තිබු අතර විභාගය ඊයේ 8 අවසන් වුණා.

මේ අතර නබ පාසල් වාරයට පෙර සති අන්තයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

සියලු පළාත් ආවරණය කරමින් පාසල් ප්‍රජාවගේ ද සහයෝගයෙන් දිවයින පුරා මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සිදු කිරීමට අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ.

පාසල් වසා තිබූ මෙම කාලය සාමාන්‍යයෙන් වර්ෂා සහිත කාලයක් බැවින් පාසල් පරිශ්‍රයන්හි වැසි ජලය හා කුණු කසල එකතු වී මදුරු උවදුර ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නා.

කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහන මෙම සති අන්තයේ ක්‍රියාවට නංවන අතර පාසල්වල මේ වන විටත් ක්‍රියාත්මක පවිත්‍රකරණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් හා දිරිමත් කරමින් කලාප කාර්යාල, නගරසභා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහනගර සභාව හා පොලිසිය පාසල් සමග සම්බන්ධ කරමින් එම පවිත්‍ර කිරීමේ දී මතු වන අභියෝග ජයගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පාසල කුණු කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් නොකර දරුවන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් වගකීමකින් යුතුව කටයුතු කිරීමට පාසල් අවට ප්‍රජාව ද පෙළඹිය යුතු බවත් මෙහි දී ඔහු පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
8
+1
4
+1
7
+1
14
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34