දේශීය පාසල් බෑග් සහ සපත්තු ජූලි මස 15 වැනිදා සිට සියයට 10%කින් මිල පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරය අවප්‍රමාණ වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකඟතාව පළ වූ බවයි.
පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් රුපියල් 350/= සිට 450/= අතර මුදලකින් පහත යනු ඇත. තවත් මසකින් මිල ගණන් සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සමග සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහි දී ඒ වන විට පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සහ ඩොලරයේ මිල අනුව තව දුරටත් මිල අඩු කිරීම පිළිබඳ සලකා බලන බව අමාත්‍යවරයා සදහන් කළා.














3000 SHOE PAIR EKA DAN 7000 YI. 150% WADI WELA DAN ADU WENNE 10%. APIWAMA KAPIYA.