පාසල් නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්

සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය 2025 දෙසැම්බර් 22 වන සඳුදා දින ද, මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දින ද අවසන් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ අනුව, සිංහල හා දෙමළ පාසල් සඳහා 2025.12. 23 දින සිට 2026.01.04 දින දක්වා ද, මුස්ලිම් පාසල් සඳහා 2025.12.27 දින සිට 2026.01.04 දින දක්වා ද පාසල් නිවාඩු ලබාදෙන බව දැනුම් දෙනවා.

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිත අතර, 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය 2025.12.09 නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මකයි.

මීට අමතරව, 2026 වර්ෂයේ දෙවන හා තෙවන වාරයන් 2025.09.11 දිනැති අංක 30/2025 දරන පාසල් වාර සටහන – 2026 චක්‍රලේඛය පරිදිම ක්‍රියාත්මක වන අතර, විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පාසල් විභාග පැවැත්වෙන දිනයන්හි වෙනසක් සිදු නොවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
59
+1
16
+1
39
+1
9
+1
16
+1
10
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?