AFC Banner
Empty Ad
Empty Ad

පාසල් අද යළි ඇරඹෙයි – පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට නිවාඩු

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වුණා.

ඒ, අනුව අද ආරම්භ වූ පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර පසුගිය 03 වනදා අවසන් වුණා.

ඒ, 2023-24 අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන්.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (20) දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර කළා.

ඒ අනුව ඉදිරි කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ආණ්ඩුකාර කාර්‍යාලය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?