පාසල්වලට සෞන්දර්ය උපකරණ සැපයීමට මිලියන 1,215ක ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ සෞන්දර්ය අධ්‍යාපනය යටතේ සංගීතය, නර්තනය, චිත්‍ර කලාව සහ රංගනය වැනි කලා විෂයයන් ඉගැන්වීම් කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වුවද, බොහෝ පාසල්වල මේ සඳහා අවශ්‍ය උපකරණ වල දැඩි හිඟයක් පවතින බව නිරීක්ෂණ කර තිබෙනවා.

එමෙන්ම දරුවන්ගේ අවශ්‍යතාවට ගැළපෙන නවීන උපකරණ පාසල් පද්ධතිය තුළ නොමැති තත්ත්වයක් උද්ගතව ඇති අතර, පවතින බොහෝ උපකරණ ද යල් පැන ගොස් අබලන්ව ඇති බව වාර්තා වී ඇත්තේ.

එම තත්ත්වය සෞන්දර්ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට සහ දරුවන්ගේ සමස්තසෞරුෂ වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරනු ලබන බව පෙනී ගොස් තිබෙනවා.

එබැවින්, පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය සඳහා සෞන්දය උපකරණ සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් රුපියල් මිලියන 1,215ක ඇස්තමෙන්තුගත පිරිවැයක් යටතේ 2026 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34