පාසලක ළමුන් 30කට කොවිඩ්

දෙනියාය අධ්‍යාපන කලාපය තුළ සිසුන්,ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු 49 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පසුගිය දින 10ක කාලසීමාව තුළදී දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් විසිහතරක් ආශ්‍රයෙන් මෙම තොරතුරු වාර්තා වී ඇත.

එම කොවිඩ් 19 ආසාදිතයින් අතර පාසල් ළමුන් 30දෙනෙක් සහ විදුහල්පතිවරු තිදෙනෙකු සිටින බව ආරංචි මාර්ග වාර්තා කරයි