spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසලක නේවාසිකව ඉගෙනුම ලැබූ සිසුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

විදුහලක නේවාසිකව ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙක් ළිඳකට වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් කින්නියා ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සිසුවා ඊයේ (02) සවස් කාලයේ පාසල අසල පිහිටි ළිඳක් වෙත දිය නෑමට ගිය අවස්ථවේ ළිඳට වැටී ඇති බවයි දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුව එම සිසුවා කින්නියා රෝහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේදීත් ඔහු මියගොස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෘත ශරීරිය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කින්න්යා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?