පාසලක නේවාසිකව ඉගෙනුම ලැබූ සිසුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

විදුහලක නේවාසිකව ඉගෙනුම ලැබූ පාසල් සිසුවෙක් ළිඳකට වැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් කින්නියා ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ සිසුවා ඊයේ (02) සවස් කාලයේ පාසල අසල පිහිටි ළිඳක් වෙත දිය නෑමට ගිය අවස්ථවේ ළිඳට වැටී ඇති බවයි දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පසුව එම සිසුවා කින්නියා රෝහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාවේදීත් ඔහු මියගොස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෘත ශරීරිය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කින්න්යා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51