මොරටුව , කටුකුරුන්ද ප්‍රදේශයේ පාසලක් කඩා එහි තිබු රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි එගොඩඋයන පොලීසිය පවසනවා .
13 රාත්‍රී කාලයේ මෙම සොරකම සිදු කර ඇති අතර බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු මත එක් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත
21 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු එගොඩඋයන ජෝශප් පටුමග ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වේ.
පාසල් පරිඝණක කාමරයේ තිබු ලැප්ටොප් පරිඝණක පාසල් උපකරණ, පාසලේ ශබ්ද වාහිනි උපකරණ වයර් ඇතුළු තවත් වටිනා උපකරණ තොගයක් මෙලෙස සොරාගෙන ගොස් තිබි සොයා ගෙන ඇතැයි පොලීසිය පවසයි .
එලෙස පාසලේ තිබු තවත් භාණ්ඩ රැගෙන ගොස් ඇති අතර තව දුරටත් පොලිස් පරීක්ෂණ සිදු කරනු ලබන ලබයි .
බස්නාහිර පළාත් බුද්ධි අංශය සහ එගොඩඋයන අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව .මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .













