AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරය ඉදිරිපිට දී 2019 වසරේ නොවැම්බර් මස පළමු වනදා නිතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු තිදෙනෙකුට පහරදුන් සිද්ධියේ අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.

සැකකාර මන්ත්‍රීවරයා අසනීප බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා අධිකරණය හමුවේ අද (12) දැනුම් දුන් අතර සැකකාර මන්ත්‍රීවරයාගේ ඇපකරු නඩුව කැඳ වූ අවස්ථාවේ දී විවෘත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකාර මන්ත්‍රීවරයා ට මහේස්ත්‍රාත් වරයා වරෙන්තු නිකුත් කර තිබුණා.

සිද්ධිය සමථයකට නියමිතව අධිකරණය හමුවේ අද කැඳවනු ලැබුවා.

බන්ධනාගාර ගතව සිටින නිතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න යන අය බන්ධනාගාරය විසින් අධිකරණයට රැගෙන විත් තිබුණා.

නිතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ මොහාන් ද සිල්වා යන සාක්ෂිකරුවන් පෙර දින සමස්ථයක් ඇති බව දන්වා සිටි අතර ඉදිරි දින සමථය සම්බන්ධයෙන් කරුණු විමසීමට දෙවන සාක්ෂිකාර සරත් විජේතුංග යන අයට ඉදිරි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ යන අයට පහර දීමක් සිදු කළ බව කියන සිද්ධියකට අදාළව නඩුව කැඳ වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මියගිය ගිය බව කොල්ලුපිටිය පොලිසිය අධිකරණය හමුවේ දන්වා සිටියා.

ඒ අනුව ඉදිරි දින ඒ මහතාගේ මරණ සහතිකය ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොල්ලුපිටිය පොලීසියට නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියේ දෙවන සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ නඩුව කැඳවන අවස්ථාවේ දී විවෘත අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

එමෙන්ම මහේස්ත්‍රාත් වරයා, එම සිද්ධිය නීතිපති උපදෙස් සදහා ලබන නොවැම්බර් 18 වැනිදා කැඳවීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
71
+1
1
+1
2
+1
7
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?