පසුගිය 13 වනදා පොල්දූව මංසන්ධිය අසල පැවති විරෝධතාව අතර තුර හමුදා නිලධාරියෙකුට පහර දී පිරිසක් විසින් සොරාගත් ටී – 56 වර්ගයේ ගිනි අවිය මේ වනවිට සොයාගෙන ඇති බව පොලිසිය නිවේදනය කරනවා.
රාජගිරිය සමනල පාලම අසල දියවන්නා ජලාශයේ තිබී නාවික හමුදාවේ කිමිඳුම් බලකායේ නිලධාරීන් විසින් එම ගිනි අවිය පසුගිය සෙනසුරාදා (23) සොයාගෙන තිබෙනවා.
ගිනි අවියට අමතරව ඒ අසල තිබී හිස් පතොරම් ගැබක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13




