පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්

පාර්ලිමේන්තු මාර්ගය අසලට පැමිණි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීම වැළැක්වීමට යොදා තිබූ මාර්ග බාධක පෙරළමින් කළහකාරී ලෙස හැසීරීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට මෙලෙස කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සිවිල් ක්‍රියාකාරීන් විසින්  විරෝධතාව සංවිධානය කර තිබූ අතර ඔවුන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීම වැළකාලමින් පොලිසිය විසින් මාර්ග බාධක යොදා මාර්ගය වසා තිබිණි.

දර්ශන මෙතනින්