පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තුව පිවිසුම ආසන්නයේ දී සංවිධානය කළ විරෝධතාවයේදී රාජ්‍ය දේපළට හානි කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා සහ නිදහස අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සාමාජිකාවක් ඊයේ  රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා ලෙස කටයුතු කළ කොස්වත්තගේ චමීර නිරෝෂණ පෙරේරා සහ නිදහස් අධ්‍යාපනය උදෙසා ජන ව්‍යාපාරයේ සාමාජිකාවක් වන කෝෂිලා හංසිමාලි පෙරේරා යන අයයි.

අත්අඩංගුවට ගත් මෙම දෙදෙනා නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, පොදු දේපල දේපල පනත , රජයේ නිලධාරීන්ට බරපතළ තුවාල සිදු කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?