Indian Premier League

පාර්ලිමේන්තුව අද රැස්වෙයි – නීතිවිරෝධීව උපයාගත් දේපළ යළි පවරා ගැනීමේ පනත පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව අද දිනයේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත ප්‍රකාරව විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතපල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට වූ යෝජනා සම්මතය පිළිබඳ දැනුම්දීමට නියමිතයි.

එමෙන්ම එය විවාදයකින් තොරව සම්මත කිරීමට ද නියමිතව ඇති අතර, යෝජනා සම්මතය පිළිබද ඡන්ද විමසීමක් ද අද (08) පස්වරුවේ පැවැත් වෙනවා.

මේ අතර නීතිවිරෝධීව උපයාගත් වත්කම් යළි පවරා ගැනීමේ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම සිදුකිරීමට නියමිතව ඇති අතර, අපරාධ නඩු විධාන සංග්‍රහය විශේෂ විධිවිධාන පනත යටතේ නියමය අනුමත කිරීමට නියමිතයි.

හෙට (09) දිනයේ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම සිදුකිරීමට නියමිතව ඇති බව සඳහන්.

මේ අතර පසුගිය මාර්තු මස 14 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය අනිද්දා (10) දිනයේ පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?