පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

ලබන නොවැම්බර් 04, 06 සහ 07 වන දින තුනේදී පාර්ලිමේන්තුව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යටතේ පරික්ෂාවට ලක් කරන බව කතානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේක කාමරවල සහ ඇදුම් අල්මාරි ඇතුළු මුළු පාර්ලිමේන්තු සංකීර්ණයම විශේෂ ආරක්ෂක පරික්ෂාවකට ලක් කිරිමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ පවතින අධි ආරක්‍ෂිත කලාප ද ඒ අයුරින් විශේෂ පරික්ෂාවට ලක්වන අතර එම දින තුළ මහජන ගැලරිය ද ආරාධිත අමුත්තන් සදහා පමණක් විවෘතව පවතින බවට කතානායකවරයා විසින්පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?