පාර්ලිමේන්තුවේ ගුටි බැට කෙළියක්.. පොලිසියත් කැඳවයි

පාර්ලිමේන්තුවේ ඊයේ(03) විවාදයේ කාලය සම්බන්දයෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සම්බන්දයෙන් අද(04දා) දිනියේද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගැනුනේය.

තර්ජනය කිරීම සඳහා ඊයේ දිනයේ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරය කථානායකවරයා අසලට පැමිණි බවත් ඒ අනුව කථානායකවරයා ආරක්ෂා කිරීමට තමා පැමිණි බවත් එහිදී අදහස් පළ කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව කථානායකට තර්ජනය කළ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා සම්බන්දයෙන් තීරණයක් ගත යුතු බවද එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර තමා කථානායක අසලට පැමිණියේ වුනු අසාධාරනය පිළිබඳ කථානායකවරයා දැනුවත් කිරීමට බවත් එම අවස්ථාවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරය පරුෂ වචනයෙන් බැන වැදුනු බවත් එහිදී අදහස් පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයට පැමිණ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට පහර දීමට උත්සහ කිරීම සම්බන්දයෙන් කථානායනවරයා තීන්දුවක් ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා එහිදී අදහස් පළ කරමින් සඳහන් කළේය.

මෙම සිදුවීම පිළිබඳ අවසන් තීන්දුව පක්ෂ නායක රැස්වීමේදී ගන්නා බව එහිදී කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය.

ඔබතුමා ආණ්ඩු පක්ෂයේ කථානායක නෙවෙයි –

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල – ඊයේ සවස්වරුවේ ඇතිවුනු සිද්ධීන් ගැන විපක්ෂයේ බලවත් අප්‍රසාදය පල කරනවා. අපි වෙලාව වෙන් කර ගන්නේ පක්ෂ නායක රැස්වීමේදි. ඊයේ මනූෂ නානායක්කාර මහතා කතා කරනකොට විනාඩි 13 කතා කරන්න තිබ්බේ. මම ඔබතුමාගෙන්(කථානායක) ඉල්ලීමක් කළා පාර්ලිමේන්තුව දීර්ඝ කරන්න යන නිසා ඔහුට නැතිවුනු විනාඩි 05 ලබා දෙන්න කියලා. ඔබතුමා පාර්ලිමේන්තුව දික්කරා. ඔහුට කාලය ලබා දුන්නේ නෑ. මම කියන්න ඔ්නී ඔබතුමා ආණ්ඩු පක්ෂයේ කථානායක නෙවෙයි. මුලු පාර්ලිමේන්තුවේම කථානායක. ඔබතුමා ඒ විනාඩි 05 ලබා දුන්නේ නැති නිසා තමයි ඒ ප්‍රශ්නය හට ගත්තේ. ඒ සියල්ලටම වඩා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ පැත්තට ඇවිල්ලා අපේ මන්ත්‍රීවරුන්ට ගහන්න ගිහින්, තල්ලු කරලා තිබුනා. ඔබතුමාට මේක පාලනය කරන්න බැරිද? මම දන්නවා ඔබතුමා විනාඩි 05 ලබා දෙන්න කැමැත්තෙන් හිටියේ. ආණ්ඩුවේ කට්ටිය ඇවිල්ලා කිව්වා දෙන්න එපා කියලා. ඔබතුමා ඒ බලපෑමට යට වුනා. දැනටමත් මේ පාර්ලිමේන්තුව ගැන විශාල කලකිරීමක් තියෙන්නේ. අපි හිටියේ මේ පැත්තේ. ඒ පැත්තෙන් කණ්ඩායමක් තමයිමේ පැත්තට ආවේ.

ලැජ්ජා නැතිව කතා කරනවා ඇස් පේන්නේ නැතිව වගේ-

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – විරුද්ධ පක්ෂයේ සංවිධායකතුමා කියන කතාව දැන් ඇහුවා. එතුමාගේ ඇස් පෙනෙනවා නම් , එතුමාගේ මතකය හොඳ නම් කථානායකවරයා වෙත දිව්වේ පළමුකොට කවුද කියන එක පළවෙනියෙන් තමුන් මතක තියා ගන්න. අපේ යුතුකම පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාමට ඔබතුමාට(කථානායකට) සහයෝගය දීමයි. ඒ ක්‍රියාව නවත්වා ගන්න බැරි මේ සංවිධායක තුමා, මන්ත්‍රීවරුන්ගෙන් යම් යම් තර්ජන එල්ල වෙයි කියලා තමයි ඔතනට(කථානායක ආසනය ලගට) ආවේ. හෙලා දකින්න ඔ්නී ඔබේ පැත්තේ මන්ත්‍රීතුමා එතනට ගමන් කිරීම. ලැජ්ජා නැතිව කතා කරනවා ඇස් පේන්නේ නැතිව වගේ. අපි එකඟ වුනු කරුණ මත විවාදය ගෙනාවා. සභාවේ අවසරය අරගෙන විවාදය අවසන් කරන්න ගියා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල – මෙතුමාගේ කතාව කොහේද යන්නේ මල්ලේ පොල් වගේ. අපේ මන්ත්‍රීවරු ධම්මික දසනායක මහතාගේ මේසය ගාවට ගියේ අපේ විනාඩි 05 ඉල්ලන්න. එහෙන් තමයි මෙහෙට ආවේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන – අපි ඒකට උත්තර දෙන්නම්.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තමයි මුලින්ම මේ පැත්තට ආවේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර – මනූෂ නානායක්කාර මහතා ඔහුට වුනු අසාධාරනය ගැන කියන්න ඔබතුමා ලගට ගියා. ඒ වෙලාවේ තමයි එහා පැත්තේ (ආණ්ඩු පක්ෂය) ඉදලා මේ මිරිස්කුඩු කල්ලිය නැවත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මෙහෙට ඇවිත් ගහන්න පටන් ගත්තා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා තමයි මුලින්ම මේ පැත්තට ආවේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු සංවිධායකවරයාගේ හැසිරීම ගැන අපි කණගාටු වෙනවා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල – ඔබතුමාට (කථානායකට) මේ පාර්ලිමේන්තුව සම්බන්දයෙන් වගකීමක් තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන මහතා ගැන මම කණගාටු වෙනවා. මෙහෙම තත්ත්වයක් ගැන නෙවෙයි අපි කතා කරන්න ඔ්නී. ඊයේ දිනයේ ඉතාමත් අශෝබන සිදුවීමක් සිදු වුනේ. ඒ නිසා ඔබතුමා අපක්ෂපාතීව කටයුතු කරන්න. මනූෂ නානායක්කාර මහතා ආවේ ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්න. තර්ජනයක් කරන්න නෙවෙයි. අපි කණගාටු වෙනවා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා හැසිරුනු ආකාරය ගැන.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – මම යලි සිහිපත් කරන්න කැමතියි කථානායක නියෝගය පිළිපදින්නේ නැති නම් කටයුතු කරන ක්‍රමයක් තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර – ඊයේ වෙලාව සම්බන්දව අර්බුදයක් ඇති වුනා. වෙලාව සම්බන්ද අර්බුදය ඇති වුනාම ඔබතුමා 05න් පස්සේ වෙනත් දිනවලදී, අධ්‍යාපනය දවසේදී කාලය ලබා දුන් ආකාරයටම ලබා දෙන ලෙස අපේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළා. ඔබතුමා ඒකට ගරු කරලා ඒක ලබා දුන්නා. අපි ඒකට ගරු කරනවා. ඊට පස්සේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා ඒකට විරුද්ධයි කියලා. ඒ වෙලාවේදී ඔබතුමා මගේ කතාව නතර කළා. ඉන්පසු මම ඔබතුමා ලගට ආවා. එතනදි මම ඔබතුමාට තර්ජනයක් කළාද? මම තර්ජනයක් කළේ නෑ. මම අහන්න ආවේ. ඒ වෙලාවේ ඔබතුමාගේ පුටුව පිටිපස්සෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන්න තිබෙන කුණුහරප ගොඩක් පාවිච්චි කරලා මට බැන්නා. බැන්නා විතරක් නෙවෙයි කාංචන විජේසේකර මන්ත්‍රීවරයා ඇවිත් මාව තල්ලු කළා. හර්ෂද සිල්වා මන්ත්‍රීතුමන් වේත්‍රදාරී කණ්ඩායමේ නිලධාරියෙකුත් නොහිටින්න මම බිම ඇද වැටෙනවා. මට වුනු අසාධාරනය කතා කරනකොට කුණුහරපෙන් බනින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙක් නම් ඉන්නේ මොකක්ද මේකේ යතාර්ථය?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර – ඔබතුමා(කථානායක) මේ කාතාව ලබා දීමට සත්භාවයෙන් කටයුතු කළත් ඔබතුමාට ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක තුමා ඉල්ලා සිටියා, තර්ජනය කළා මේක නවත්වන්න කියලා. ඒ නිසා කතාව නැති වුනා. අපි ඉල්ලන්නේ ඊයේ විපක්ෂය පැත්තට ඇවිත් මනූෂ නානායක්කාර මහතාට පහර දෙන්න උත්සහ කළ අය සම්බන්දව ඔබතුමා තීන්දුවක් ගන්න.

ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු – ඊයේ ඇතිවුනු සිද්ධිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේ වීඩියෝ වල ඇති. මම මතක් කරනවා ඊයේ ඇතිවුනු සිද්ධියෙන් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඔබතුමා ලගට ආවා දුවගෙන. ඉතින් අපේ යුතුකම ඔබතුමාව ආරක්ෂා කිරීම. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්ට කිසිදු අයිතියක් නෑ කථානයක ලගට ඇවිත් තර්ජනය කරලා වෙලාව අහන්න. මේ අය හිතාගෙන ඉන්නේ මේ අයගේ ආණ්ඩුවක් තියෙන්නේ කියලා. ඔබතුමා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී කථානායකවරයෙක්. කරූ ජයසූරිය වගේ නෙවෙයි. ඔබතුමාව රකින්න මම ආවේ. කිසිසේතම ඔබතුමාට අතක් තියන්න මේ විපක්ෂයට ඉඩ දෙන්නේ නෑ කියන එක අපි මතක් කරනවා. දැන් මේ අය තොත්ත බබාලා වගේ හැසිරෙන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා ඔබට තර්ජනය කරපු මනූෂ නානායක්කාර ගැන පරීක්ෂණයක් කරන්න කියලා.

කථානායකවරයා පැහැදිලි කරන්න කවුද තර්ජනය කළේ කියලා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක – ඊයේ මෙතන වුනු සිදුවීම අපි හොඳට බලන් හිටියා. දැන් කියනවා ඔබතුමාට තර්ජනය කළා කියලා. කරුණාකරලා කථානායකවරයා පැහැදිලි කරන්න කවුද ඔබට තර්ජනය කළේ කියලා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන – මේ සිද්ධිය සම්බන්දයෙන් අපි පක්ෂනායක රැස්වීමේ කතා කරලා අවසන් තීරණයක් ගමු.

  1. ගුටි බැට හුවමාරැව එදා පටන්ම තිබුන නෙව. එදා මැති සබයට වැඩිය ස්වාමීන් වහන්සේලාගේ රහස් අවයව මිරිකපු එවුන් හිටයෙි්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30