පාපැදියක් අනතුරට ලක් වී කුඩා දරුවෙක් මියයයි

දික්වැල්ල ගොඩඋඩ ප්‍රදේශයේදී පාපැදියක් අනතුරකට ලක් වීමෙන් අවුරුදු 10ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සවස ගොඩඋඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයක අධික බෑවුමක් සහිත ස්ථානයක ගමන් කළ පාපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

තුවාල ලැබූ දරුවා බතීගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කොට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක්.

මෘත ශරීරය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර දික්වැල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?