රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට අලාභ හානි කිරීමෙන් සිදුවූ අලාභය රුපියල් මිලියන 205 ක් බවත් ඉන් මිලියන 14 ක් නිවෙසට අලාභ හානි වී ඇති අතර ඉතිරි මිලියන 191 ම වාහනයට වූ අලාභහානි බවත් ජවිපෙ නායකයා පෙන්වා දෙයි .
රුපියල් මිලියන 191 ක් වාහනයේ අලාභ හානිය නම් වාහනයේ වටිනාකම කොපමණක් දැයි දිසානායක මහතා ප්‍රශ්න කරයි .
රටේ ජනතාවට අද වනවිට පාන් ගෙඩියක් ගන්න වෙලා තියෙන්නේ රුපියල් තුන්සීයට විතර . එහෙම රටක ජනාධිපතිවරයාගේ වාහනයක වටිනාකම කොච්චරක්ද මේ සංවේදී මිනිස්සු දැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය . “ රනිල් කියනවා වැඩ කරන්නේ නැති රාජ්‍ය සේවකයො ගෙදර යන්නලු . හැබැයි රනිල්ගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ මණ්ඩලය කීයද ? අධ්‍යක්ෂ මාධ්‍ය උපදේශක , මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් , නියෝජ්‍යඅධ්‍යක්ෂවරු , මාධ්‍ය අධ්‍යක්ෂවරු , වීඩියෝ සංස්කරණ අධ්‍යක්ෂවරු , විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරු , නිර්මාණශීලී ඡායාරූපකරණ අධ්‍යක්ෂ වරු මේ වගේ කී දෙනෙක් අද පත් කරලා තියනවද , වැටුප ලක්ෂ යයි , අසූ දාහයි . තෙලුයි වාහනයි එක්ක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරන්න ඕනෑ . මේ ගොල්ලෝ කරන රාජකාරිය මොකක්ද කියලා . මෙපමණ ප්‍රමාණයක් ජනාධිපති කෙනකුට අවශ්‍යද ?
පසුගියදා රනිල්ගේ ගෙදරට වුණු අලාභය ගැන සී.අයි.ඩී. වාර්තාවක් ඉදිරිපත් කළා . ගෙදරටයි වාහනයටයි මිලියන 205 ක අලාභයක් වෙලා කියනවා . ගෙදරට වෙලා තියන අලාභය මිලියන 14 යි . මිලියන 191 ක් වාහනේට අලාභ වෙලා . ඒ කියන්නේ දහනව කෝටි දස ලක්ෂයක් පමණ වාහනයේ අලාභය . එතකොට වාහනේ මිල කොච්චරක්ද ?
එහෙව් කෙනෙක් අද රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව කතා කරන්නේ යැයිද හෙතෙම පැවැසීය .













