පාතාල සමාජිකයාගේ දියණියකගේ මල්වර උත්සවය කොළඹ තරු පංතියේ හෝටලයක

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකුගේ දියණියකගේ මල්වර උත්සවය විශාල මුදලක් වැය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයක පවත්වා ඇති බවට වූ පුවතක් මෙරට ජාතික පුවත් පතක් අද (30) දිනයේ වාර්තාකර තිබෙනවා.

අදාළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයා කවුරුන් ද යන්න සෘජු සඳහනක් අදාළ පුවත්පත මඟින් වාර්තාකර නොතිබූ අතර, ඔහු මේවනවිට ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව බූස්ස අධි ආක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින බවද සඳහන් කර තිබුණේ.

පසුගිය 23 වනදා අති උත්කර්ශවත් අයුරුන් පවත්වා ඇති මෙම උත්සවයට 150 – 200ට ආසන්න ආරාධිතයන් පිරිසක් සහභාගී වී ඇති බවයි එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එම උත්සව අවසනායේ එදින ම රාත්‍රියේ කොම්පඤ්ඤවීදියහෝටලක් සහිත ප්‍රධාන පෙළේ නිවාස සංකීණයක කාමරයක් තුළ තවත් පිරිසක් වෙත නැවතත් සාදයක් පවත්වා ඇති බව ද වාර්තාවන බව සඳහන්.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අදාළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයා මෙම උත්සවය අවස්ථාවට දුරකථනය ඔස්සේ සජීවීව සම්බන්ධ වී ඇති බවට ද එම පුවත්පත තොරතුරු වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
7
+1
3
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34