පාතාලය රටේ නීතිය හා සාමය අතට අරන් – විපක්ෂ නායක

පතාලය රටේ නීතිය සහ සාමය අතට ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, අද (01) දින එම පක්ෂයේ මැයි දින රැළිය තලවකැලේ – ලිදුල නගර සභා ක්‍රීඩාංගණයේ දී අමතමින්.

ගම දිනවන සටනට කම්කරු බලය යන මැයෙන් අද පස්වරුවේ තලවකැලේ නගර මධ්‍යයෙන් ආරම්භ කළ පෙළපාලිය තලවකැලේ ලිදුල නගර සභා ක්‍රීඩාංගණය වෙත පැමිණියා.

මෙම රැළියේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ

”කම්කරු ප්‍රජාව තමයි අපේ රටේ ශක්තිය, ප්‍රාණය, අද වන විට කම්කරුවන්ගේ අයිතිවාසිකම් අහිමි වෙලා, ඊ.ටි.එෆ්, ඊ.පි.එෆ් එකට පික් පොකට් ගහන යුගයක් එළඹිලා. පසුගිය රජය අයි.එම්.එෆ් එක එක්ක එකතු වෙලා ඊ.ටි.එෆ්, ඊ.පි.එෆ් එක විනාශ කරන්න කටයුතු කළා. ඒ අඩිපාරේ යමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත් ඊ.ටි.එෆ්, ඊ.පි.එෆ් එක විනාශ කරන්න කටයුතු කරමින් සිටිනවා. අපි කම්කරුවන් වෙනුවෙන් අදත් හෙටත් නැගී සිටිනවා, වත්මන් රජය මුසාවෙන් බලයට පත්වෙලා රට පාලනය කරනවා. ඒ අය පොරොන්දු වූ පොහොසත් රට රටේ ජනතාවට ලැබිලා නෑ, පළාත් පාලන මැතිවරණයේදිත් බොරු මල්ලක් රටේ ජනතාවට ඉදිරිපත් කරලා…” යනුවෙන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?