පාතාලය රටේ නීතිය හා සාමය අතට අරන් – විපක්ෂ නායක

පතාලය රටේ නීතිය සහ සාමය අතට ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, අද (01) දින එම පක්ෂයේ මැයි දින රැළිය තලවකැලේ – ලිදුල නගර සභා ක්‍රීඩාංගණයේ දී අමතමින්.

ගම දිනවන සටනට කම්කරු බලය යන මැයෙන් අද පස්වරුවේ තලවකැලේ නගර මධ්‍යයෙන් ආරම්භ කළ පෙළපාලිය තලවකැලේ ලිදුල නගර සභා ක්‍රීඩාංගණය වෙත පැමිණියා.

මෙම රැළියේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ

”කම්කරු ප්‍රජාව තමයි අපේ රටේ ශක්තිය, ප්‍රාණය, අද වන විට කම්කරුවන්ගේ අයිතිවාසිකම් අහිමි වෙලා, ඊ.ටි.එෆ්, ඊ.පි.එෆ් එකට පික් පොකට් ගහන යුගයක් එළඹිලා. පසුගිය රජය අයි.එම්.එෆ් එක එක්ක එකතු වෙලා ඊ.ටි.එෆ්, ඊ.පි.එෆ් එක විනාශ කරන්න කටයුතු කළා. ඒ අඩිපාරේ යමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත් ඊ.ටි.එෆ්, ඊ.පි.එෆ් එක විනාශ කරන්න කටයුතු කරමින් සිටිනවා. අපි කම්කරුවන් වෙනුවෙන් අදත් හෙටත් නැගී සිටිනවා, වත්මන් රජය මුසාවෙන් බලයට පත්වෙලා රට පාලනය කරනවා. ඒ අය පොරොන්දු වූ පොහොසත් රට රටේ ජනතාවට ලැබිලා නෑ, පළාත් පාලන මැතිවරණයේදිත් බොරු මල්ලක් රටේ ජනතාවට ඉදිරිපත් කරලා…” යනුවෙන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?