spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාණ්ඩ්‍යා ලෝක කුසලානයෙන් එළියට

ආබාධයකට ලක්ව සිටින ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට ලෝක කුසලානය තරඟාවලියේ ඉතිරි තරඟ අහිමි වන බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ වම් වළලුකරේ ඇති වූ ආබාධයෙන් සුවය ලැබීමට අපොහොසත් වීමත් සමඟයි.

ලෝක කුසලාන තරගාවලියේ පූනේහි දි පැවති බංග්ලාදේශයට එරෙහි තරගය අතර තුර පන්දු යවමින් සිටිය දී පාණ්ඩ්‍යා වම් වළලුකරේ ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වුණා.

ඉන් අනතුරුව ඔහුට ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකළ තරග සියල්ල ඔහුට මඟ හැරී ගියා.

හර්දික් පාණ්ඩ්‍යාට මෙලෙස ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීමත් සමඟ තරඟාවලියේ ඉසව් තාක්ෂණික කමිටුව විසින් ප්‍රසිද් ක්‍රිෂ්ණා ඉන්දීය සංචිතයට එක්කර ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?