පාඩු ලබන රාජ්‍ය ආයතන රැක ගැනීමට හැකියාවක් නැහැ

රට ආර්ථික අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා නොවූ ආයතන රැකගැනීමට මහා භාණ්ඩාගාරයට තවදුරටත් හැකියාව නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කිරීම යනු මෙරට පොදු මහජනතාවගෙන් එක්රැස් කරගන්නා ලද මුදල් එකී ආයතන නඩත්තුව සඳහා වෙන් කිරීමක් වන බව සියලුම පාර්ශවයන් අවබෝධ කරගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මේ හේතුවෙන් ජනතාව මත බර පටවා තවදුරටත් ආයතන පවත්වාගෙන යාම නොව නියාමන අධිකාරියක් වශයෙන් රජය කටයුතු කරන බව මුදල් අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

උපායමාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන අතර අනෙක් රාජ්‍ය ආයතන 13 ක්‍රියාත්මක වන්නේ පාඩු ලබමින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එලෙස පාඩු ලබන රාජ්‍ය ආයතන 13 හි අලාභය රුපියල් බිලියන 1,029ක් ලෙසට ගණන් බලා ඇති අතර ලාභ ලබන ආයතන 39හි ලාභය රුපියල් බිලියන 218ක් වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.

සමස්ථයක් වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811 කට අධිකයි. ලාභ ලබන ආයතන විසින් රුපියල් මිලියන 28 ක් පමණක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු අයබදු වශයෙන් ගෙවා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

එවන් පසුබිමක් තුළ ලොව පිළිගත් ආර්ථික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසයි. එසේ සිදුනොවූයේ නම් ශ්‍රී ලංකාව කිසි දිනක එවැනි ආර්ථික පියවරයන් අනුගමනය නොකරනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

රටක ආර්ථිකය ස්ථාවර කිරීම කෙරෙහි එම රට විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් හඳුනාගැනීම ස්වකීයව සිදුකළ යුතු වන්නක් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14