පාඩු ලබන රජයේ මාධ්‍ය ආයතන ලාභ ලබන ආයතන කරන්න අවධානය

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, සීමාසහිත ස්වාධීන රූපවාහිනී ආයතනය, සැලසිනේ රූපවාහිනී ආයතනය ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී අවධානය යොමුව තිබෙනවා.

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි පාරිලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් සැලසිනෙ ආයතනය පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර, එම ආයතනය යම් යම් දැන්වීම් බාහිර පාර්ශ්ව වෙත ලබාදී නිෂ්පාදනය කරගැනීම සහ කැමරා උපකරණ කුලී පදනම මත ලබාගැනීම පිළිබඳව අමාත්‍යවරයා විසින් නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා.

මෙහිදී නිලධාරීන් සඳහන් කළේ අභ්‍යන්තර වෘත්තිකයින්ගේ නිර්මාණශීලීත්වය පිළිබඳ ගැටලුවක් පවතින බවත් ඊට හේතුව සුදුසුකම් රහිත පුද්ගලයින් සේවයේ සිටීම බවයි.

එසේම බාහිර පාර්ශ්ව වෙත ලබාදී නිෂ්පාදන සිදුකිරීම ලාභදායී බවත් නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ අතිරික්ත සේවකයින් මෙම සියලුම ආයතනවලින් ඉවත් කිරීමට අවදානය යොමුකර ඇති බවයි.

එසේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මේ වන විට ලාභ ලබන තත්ත්වයේ නොපැවතීමත් එය ලාභ ලබන ආකාරයට පරිවර්තනය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වූ අතර එම ආයතනයේ ද අතිරික්ත සේවක සංඛ්‍යාව ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම සීමාසහිත ස්වාධීන රූපවාහිනී ආයතනයේ වර්තමාන ක්‍රියාකාරිත්වය සහ එම ආයතනය ලාභදායී තත්ත්වයට පත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු ඇති බව සඳහන්.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යන ආයතනවල වාර්ෂික වාර්තා අනුමත කිරීම ද මෙහිදී සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49