පාකිස්ථාන පොලිස්පතිවරයා චීන ජාතිකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙයි

චීන – පකිස්ථාන ආර්ථික කොරිඩෝව යටතේ ක්‍රියාත්මක රෂාකායි ආර්ථික කලාපයේ විවිධ ව්‍යාපෘති සඳහා සම්බන්ධ වී සිටින චීන ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස පාකිස්ථාන පොලිස්පති අක්තාර් හයාත් ඛාන් ප්‍රාන්ත පොලිසිය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ චීනය පාකිස්ථානය වෙනුවෙන් වටිනා සේවාවන් ලබා දීම හේතුවෙන් චීන ජාතිකයින්ට ආරක්ෂාව සැපයීම ප්‍රාන්ත පොලිසියේ ප්‍රමුඛ කාර්යයක් විය යුතු බවයි.

ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි ,භූමිය අතින් ඉතා කුඩාම ප්‍රාන්තය ලෙසත් ජනගහනය අතින් පාකිස්තානයේ තුන්වැනි තැනට පත්වන ප්‍රාන්තය ලෙසත් සැලකෙන ඛේබර් පඛ්තුන්ඛ්වා ප්‍රාන්තයේ චීන ජාතිකයින් වැඩි වශයෙන් රැඳී සිටින්නේ චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝවට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වීම හේතුවෙන්.

නව්ෂෙරා හි රෂාකායි ආර්ථික කලාපයේ සංචාරයකදී පොලිස්පතිවරයා ප්‍රාන්ත ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ හදිසි අවස්ථාවකදී නිසි වේලාවට ප්‍රතිචාර දැක්වීම සඳහා චීන ඉංජිනේරුවන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ගන්නා ලෙසයි.

පොලිස්පතිවරයා සිය සංචාරයේදී පාකිස්ථාන හමුදා නිලධාරීන්, චීන ඉංජිනේරුවන් සහ පොලිස් නිලධාරීන්ද හමුවී චීන – පකිස්ථාන ආර්ථික කොරිඩෝව යටතේ ඉදිකෙරෙන ආර්ථික කලාපයේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා.

සංචාරයට සමගාමීව චාර්සද්දාහිදී, පොලිසිය සහ පාකිස්ථාන හමුදා නිලධාරීන් මොහ්මන්ඩ් වේල්ලේ ආරක්ෂාව සහ දිස්ත්‍රික්කයේ විවිධ ව්‍යාපෘතිවල වැඩ කරන චීන ජාතිකයන් සම්බන්ධයෙන් වැදගත් රැස්වීමක්ද පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික්කය පුරා අපරාධකරුවන්ට එරෙහිව ඉලක්කගත මෙහෙයුමක් දියත් කිරීමටද එම රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
එහිදී දිස්ත්‍රික්කයට ඇතුළුවන හා පිටවන සියලු ස්ථාන මුද්‍රා තැබීමටත් ඕනෑම අනතුරක් වළක්වා ගැනීම සඳහා ආරක්ෂාව තර කිරීමටත් තීරණය වූ බවටද වාර්තා වනවා.

ටර්බෙලා වේල්ල සහ චීන කඳවුර ආශ්‍රිතව ආරක්ෂිත කැමරා පද්ධතිය තවදුරටත් පුළුල් කිරීමටත් පරීක්‍ෂණ ස්ථාන වැඩි කිරීමටත් ස්වාබිහි, ප්‍රාදේශීය පොලිස් නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34