පාකිස්ථානය සමඟ තරගයට ඉන්දීය කණ්ඩායම දිවයිනට

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමඟ හෙට (15) පැවැත්වෙන තරගය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම ඊයේ (13) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ඉන්දීය කණ්ඩායම ඊයේ (13) රාත්‍රි 09.45ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ස්පයිසි ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9250 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වුණේ.

ඉන්දීය ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළුව 41 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණ තිබුණා.

ඉන්දීය කණ්ඩායමට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් 12 දෙනෙකු ද මෙම ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපොල දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමත් සමගම, විනාඩි 05ක් වැනි කෙටි කාළයක් තුළ සියලුම නිශ්කාශන කටයුතු නිමාකර , ගුවන් තොටුපොළෙන් පිට කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබූ බවයි වාර්තා වුණේ.

එම කාලය තුළ කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
13
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?