පාකිස්ථානය තුළ සාර්ථකම විදෙස් නායකයා යටතේ ලංකාව අද තරගයට

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ සහභාගිත්වයෙන් පාකිස්ථානයේදී පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අද (20) සිම්බාබ්වේ සමඟින් රාවල්පින්ඩි ක්‍රිකට් පිටියේ පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 06.30 ට තරගය ආරම්භ වීමට නියමිතයි.

මෙම විස්සයි විස්ස තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක චරිත් අසලංක රෝගී තවත්වයක් මත සහභාගී නොවීම නිසා තරගවලියේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කණ්ඩායමේ උප නායක ලෙස අකටයුතු කළ දසුන් ශානකට හිමිව තිබෙනවා.

මීට පෙර 2019 වර්ෂයේ දී දසුන් ශානකගේ නායකත්වයෙන් පකිස්ථානය සම්නග තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසගත පූර්ණ තරගාවලි ජයක් හිමි වූ අතර පාකිස්ථානය එරට දී පූර්ණ තරගාවලි පරාජයකට පත්කළ නායකයා ලෙසද දසුන් ශානක නම් දරා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
5
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?