AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්ථානයේ දරුණු බස් අනතුරු දෙකක් – පුද්ගලයින් 34ක් මිය ගිහින්

පාකිස්ථානයේ සිදු වූ බස්රථ අනතුරු දෙකකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබෙනවා.

පාකිස්ථානයේ නැගෙනහිර පන්ජාබ් පළාතේ කහුටා දිස්ත්‍රික්කයේ අසාද් පතාන් නගරය ආසන්නයේ දී එක් අනතුරක් සිදුව ඇති අතර, බලුකිස්තානයේ නිරිතදිග පළාතේ මක්‍රාන් වෙරළබඩ අධිවේගී මාර්ගයේ අනෙක් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පතාන් නගරය ආසන්නයේ දී සිදු වූ අනතුරෙන් මියගිය අය අතර, පිරිමි පුද්ගලයන් 15 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙකු සහ එක් ළමයෙකු ඇතුළු 22ක් සිටින බවයි වාර්තා වුණේ.

අධිවේගී මාර්ගයේ සිදු වූ බස් අනතුරින් පුද්ගලයින් 12 දෙනෙක් මියගොස් තිබෙනවා.

ඉරානයේ සිට ආගමික අනුස්මරණයක් සඳහා පැමිණෙමින් සිටි ෂියා බැතිමතුන් රැගත් බස් රථයක් මෙලෙස අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?