පාකිස්ථානයට බිය වී ඉන්දියාවේ ගුවන් තොටුපොළ 24ක් මැයි 15 තෙක් වැසේ

ඩ්‍රෝන යානා භාවිත කරමින් උතුරු ඉන්දියාවේ නගර කිහිපයකට පහර දීමට පාකිස්ථානය උත්සාහ කිරීමෙන් පසු ඉන්දියාවේ
රට පුරා ගුවන් තොටුපොළ 24ක් වසා දැමීම පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව මැයි 15 වන දින දක්වා එම ගුවන් තොටුපොළවල වසා දැමීමටයි ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රීනගර්, අම්රිට්සාර්, ලුධියානා, භුන්තාර්, කිෂෙන්ගාර්, පටියාලා, සිම්ලා, කන්ග්‍රා-ගග්ගල්, බතින්ද, ජයිසල්මර්, ජෝද්පූර්, බිකනර්, හල්වාරා, පතන්කොට්, ජම්මු, ලෙහ්, මුන්ද්‍රා, ජම්නගර්, හිරාසා (රාජ්කොට්), පෝර්බන්ඩර්, කේෂෝඩ්, කන්ඩ්ලා, බුජ් යන ගුවන්තොටුපොළවල මෙලෙස වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම තීරණයත් සමඟ අදාළ කාලසීමාව තුළ ගුවන් ගමන් වෙනුවෙන් ගුවන් ටිකට්පත් මිලදීගෙන තිබූ ගුවන් මගීන් වෙනුවෙන් අවලංගු කිරීම් සඳහා සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමට ඉන්දීය ගුවන් සමාගම් තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය 07 සහ 08 දිනවල රාත්‍රියේ උතුරු සහ බටහිර ඉන්දියාව පුරා ඉන්දියානු හමුදා ස්ථාන කිහිපයකට මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පාකිස්ථානය දැරූ උත්සාහයන් ඉන්දීය සන්නද්ධ හමුදා සාර්ථකව මැඬ පැවැත් වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
8
+1
2
+1
6
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?