පාකිස්තාන ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ හතරවන දිනය අද

 දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ පස්වරුවේ ආලෝක තත්ත්වය අඩු වීමෙන් තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පිල ලකුණු 323කින් ඉදිරියෙන් සිටී. තරගය අත්හිටුවීමට විනිසුරුවන් පියවර ගත්තේ නියමිත කාලයට වඩා මිනිත්තු 42කට පෙරය. ඒ අනුව ඊයේ දිනයේ යැවීමට තිබූ තවත් ඕවර 19ක් අහිමි විය. දිමුත් කරුණාරත්න ඊයේ අංක 6 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර, දෙවැනි දිනය නිමා වන විට නොදැවී ලකුණු 27ක් ලබා සිටියේය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ධනංජය ද සිල්වා නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 30කි. 

අද දිනයේදී නියමිත වේලාවට වඩා විනාඩි 25කට පෙර තරඟය ආරම්භ කිරීමටයි තරඟ තීරක ජෙෆ් ක්‍රෝ තීරණය කර තිබෙනවා.

Sri Lanka 378
Sri Lanka 378 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?