පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින දිගුකාලින ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ කැපවීමක් සනිටුහන් කරමින් 5 වන වාර්ෂික ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය පසුගියදා (අප්‍රේල් 28) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර ආරක්‍ෂක සංවාදයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ජයන්ත එදිරිසිංහ මහතා ද එක්ව සිටින බවයි.

පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ආරක්‍ෂක ලේකම් ලුතිනන් ජෙනරල් Muhammad Ali (විශ්‍රාමික) ප්‍රමුඛ පාකිස්ථාන නියෝජිත පිරිසක් ඊට සහභාගී වුණා.

මෙම ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය පැවැත්වෙන දෙවන දිනය වන ඊයේ (29) දින (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා සහ පාකිස්ථාන ආරක්‍ෂක අමාත්‍ය Khawaja Muhammad Asif අතර නිල හමුවක් ද පැවැත්වුණා.

ඔවුන් මෙම අවස්ථාවේ සුහද සංවාදයක ද නිරත වූ බවයි වාර්තා වන්නේ.

දෙරටේ උසස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර පැවැත්වෙන මෙම ආරක්‍ෂක සංවාදය ඔස්සේ ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම, කලාපීය ආරක්‍ෂක ගතිකතාවයන් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය ඉහළ නැංවීම සහ ආරක්‍ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා පවතින අවස්ථාවන් ගවේෂණය කිරීම අරමුණ කෙරෙනු ඇති.

දෙරට අතර පවතින අන්‍යෝන්‍ය මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාවය ඔස්සේ මුල්බැසගත් දිගුකාලීන හා ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගනු ලබනවා.

දකුණු ආසියානු කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා වන හවුල්කාරිත්වයේ වැදගත්කම මෙම ආරක්‍ෂක සංවාදය ඔස්සේ මනාව පිළිබිඹු වන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අද (30) දින අවසන් වීමට නියමිත මෙම තෙදින සංවාදය ඔස්සේ ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතාවන් ශක්තිමත් කිරීමට සහ වඩාත් පුළුල් කලාපීය ආරක්‍ෂක අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අවස්ථාවන් හඳුනාගැනීමට අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34