පාකිස්තානයේ නගර අගුලු දැමූ විරෝධතා

පාකිස්තානයේ පවතින රජයට එරෙහි ව ක්‍රියාත්මක වන විරෝධතා රට පුරා අධික වීම හේතුවෙන් මේ වනවිට (17) සම්පූර්ණයෙන් ම නගරයට ඇතුල් වන ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග අවහිර වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ; නගරබද පොලිසිය විසින් වාහන වෙනත් අතුරු මාර්ගවල හරවා යැවුව ද; එම මාර්ග අවහිරතාවලට විසඳුම් නොලැබුණු බවයි.

ඊයේ සහ පෙරේදා දිනයන්හි දී සති අන්තය තුළ පාකිස්තානයේ විරෝධතා තීව්‍ර මට්ටමක පැවතියා.

දැඩි රථවාහන තදබදයක සිර වී සිටි රියදුරන් පවසා ඇත්තේ මහජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමට කිසිදු වගකිවයුතු පාලකයෙකු හෝ බලධාරියෙකු උද්ඝෝෂණ මධ්‍යයට හෝ නො ආ බවයි.

ජාතික අධිවේගී මාර්ගයේ ටවුන්ෂිප් චෝක් අසල දැවැන්ත විරෝධතාවක් ඇති වූ අතර, ඒ හේතුවෙන් පැය ගණනාවක් ගමනාගමනය නතර වී තිබුණා.

අධිවේගී මාර්ගය මත ඉහළ කොටසේ සිට පහළ තෙක් දැඩි රථ වාහන පෝලිමක් දැකිය හැකි අයුරුයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම විරෝධතාව පැවැත්වීමට ප්‍රධානතම හේතුව වී තිබුණේ; මීට දින කිහිපයකට පෙර (දෙසැම්බර් 11) බසාර් ප්‍රදේශයේ ඇති වූ ගැටුමක දී පුරවැසියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහි ව පොලිසිය ක්‍රියා නොකිරීම හේතුවෙන් බවත් වාර්තා වනවා.

එමෙන්ම ජල හිඟය, නිරතුරුව නගරයේ විදුලි කප්පාදුව හා ආර්ථික පරිහානිය මෙම උද්ඝෝෂණවලට හේතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?