පාකිස්තානයේ කර්මාන්ත සහ නිෂ්පාදන විශේෂඥයෙක් දිවයිනට

පාකිස්තාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සදහා පකිස්තාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබද විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් තුන් දින නිල සංචාරයක් සදහා ඊයේ (27) දින පස්වරුවේ මෙරටට පැමිණ තිබෙනවා .

මෙම සැසිවාරය ශ්‍රී ලංකාවේ වෙළද , වානිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් සමග දූත පිරිස ලෙස තවත් එරට උසස් නිලධාරීන් 05 දෙනෙකු ද පැමිණ සිටියා .

ඔවුන් ඊයේ දින පස්වරු 04.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා වෙළද , වානිජ , ආහාර සුරක්ෂිතතා පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?