පාකිස්තානයේ කර්මාන්ත සහ නිෂ්පාදන විශේෂඥයෙක් දිවයිනට

පාකිස්තාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සදහා පකිස්තාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබද විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් තුන් දින නිල සංචාරයක් සදහා ඊයේ (27) දින පස්වරුවේ මෙරටට පැමිණ තිබෙනවා .

මෙම සැසිවාරය ශ්‍රී ලංකාවේ වෙළද , වානිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් සමග දූත පිරිස ලෙස තවත් එරට උසස් නිලධාරීන් 05 දෙනෙකු ද පැමිණ සිටියා .

ඔවුන් ඊයේ දින පස්වරු 04.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා වෙළද , වානිජ , ආහාර සුරක්ෂිතතා පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?