2024-25 කාල වකවානුව තුළ පාකිස්තානයේ ආර්ථික සමීක්ෂණය මගින් ඉටු නොවූ ඉලක්ක සහ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වනවා.
එරට ආර්ථිකය පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් khaama.com නමැති වෙබ් අඩවිය දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරමින් පවසන්නේ, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2.68% ක් වන අතර එය 3.56% ඉලක්කයට වඩා අඩු වූ බවයි.
ආර්ථික විභවය සාක්ෂාත් කර ගැනීමේදී අඛණ්ඩ අභියෝග පාකිස්තාන පාලන තන්ත්‍රයට ඉස්මතු කරන බව ද එහි දැක්වෙනවා.
දළ දේශීය නිෂ්පාදිතයෙන් 24%කට ආසන්න ප්‍රමාණයක් දායක වන කෘෂිකාර්මික අංශයට අවශ්‍ය ජල පහසුකම් හිඟවීම සහ සැලසුම් අකාර්යක්ෂමතාව හේතුවෙන් ප්‍රධාන භෝගවල 13.5%ක අවපාතයක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
මෙම පහත වැටීම පමණක් සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 0.6 කින් අඩු කළ බව ද එම ආර්ථික සමීක්ෂණයේ දැක්වෙනවා.
මීට අමතරව, මහා පරිමාණ නිෂ්පාදන අඛණ්ඩව වසර තුනක් තිස්සේ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති අතර, 3.5%ක වර්ධන ඉලක්කයකට සාපේක්ෂව 1.5% කින් හැකිලී ගොස් තිබෙනවා.
දළ දේශීය නිෂ්පාදිතයෙන් 59% ක් නියෝජනය කරන සේවා අංශය, 4.1% ඉලක්කයට වඩා 2.9% ක වර්ධනයක් අත්කර ගෙන ඇති බවත් එහි සඳහන්.
මූලාශ්‍රය – www.khaama.com(pakistan-economic-survey-2024-25-governance-challenges)





