පාකිස්තානයේ ආර්ථික සමීක්ෂණයෙන් පාලන තන්ත්‍රයේ මන්දගාමීත්වය එළියට

2024-25 කාල වකවානුව තුළ පාකිස්තානයේ ආර්ථික සමීක්ෂණය මගින් ඉටු නොවූ ඉලක්ක සහ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වනවා.

එරට ආර්ථිකය පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් khaama.com නමැති වෙබ් අඩවිය දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරමින් පවසන්නේ, රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2.68% ක් වන අතර එය 3.56% ඉලක්කයට වඩා අඩු වූ බවයි.

ආර්ථික විභවය සාක්ෂාත් කර ගැනීමේදී අඛණ්ඩ අභියෝග පාකිස්තාන පාලන තන්ත්‍රයට ඉස්මතු කරන බව ද එහි දැක්වෙනවා.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 24%කට ආසන්න ප්‍රමාණයක් දායක වන කෘෂිකාර්මික අංශයට අවශ්‍ය ජල පහසුකම් හිඟවීම සහ සැලසුම් අකාර්යක්ෂමතාව හේතුවෙන් ප්‍රධාන භෝගවල 13.5%ක අවපාතයක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පහත වැටීම පමණක් සමස්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 0.6 කින් අඩු කළ බව ද එම ආර්ථික සමීක්ෂණයේ දැක්වෙනවා.

මීට අමතරව, මහා පරිමාණ නිෂ්පාදන අඛණ්ඩව වසර තුනක් තිස්සේ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති අතර, 3.5%ක වර්ධන ඉලක්කයකට සාපේක්ෂව 1.5% කින් හැකිලී ගොස් තිබෙනවා.

දළ දේශීය නිෂ්පාදිතයෙන් 59% ක් නියෝජනය කරන සේවා අංශය, 4.1% ඉලක්කයට වඩා 2.9% ක වර්ධනයක් අත්කර ගෙන ඇති බවත් එහි සඳහන්.

මූලාශ්‍රය – www.khaama.com(pakistan-economic-survey-2024-25-governance-challenges)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34