AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්තානයේ අපූරු නීතිය

පාකිස්තානයේ මානව හිමිකම් කොමිසමේ සභාපති අසාද් ඉක්බාල් බට්, එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පැය කිහිපයකට පසු නිදහස් කර තිබෙනවා.

මානව හිමිකම් ආරක්ෂකයින් නිහඬ කිරීමට ඉස්ලාමාබාද් දරන උත්සාහය මේ හරහා නැවත නැවතත් අවධාරණය කරනවා.

නිදහස් කිරීමෙන් පසු බට් වාර්තාකරුවන්ට පැවසුවේ “කිසිදු ස්ථිර හේතුවක් නොමැතිව” ඔහු පැය 3-4 ක් රඳවාගෙන සිටි බවයි.

පසුව ජනමාධ්‍ය ඔස්සේ ඇති කළ පීඩනය හමුවේ ඔහු මුදා හැරුණු බව මානව හිමිකම් ප්‍රධානියා පැවසුවා.

“පොලිසිය අපේ ගෙදරට ඇවිත් මට පොලිසියට එන්න කිව්වා. මාධ්‍යවලින් එල්ල වූ බලපෑම්වලින් පසුව ඔවුන් මාව නිදහස් කළා. එය නීතිවිරෝධී සහ මානව හිමිකම්වලට පටහැනියි,” මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා පැවසුවා.

ක්වෙටා වෙත පැමිණිම සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කෙරුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

“පසුගිය වසර හත තුළ මම ක්වෙටා වෙත ගොස් නැත,” ඔහු පැවසුවේ, බලුච් ක්‍රියාකාරීන්ට පාකිස්තාන මානව හිමිකම් කොමිසමෙන් ලැබෙන සහයෝගය පිළිබද දැන ගැනීමට පොලිසියට අවශ්‍ය වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?