පාකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්තගේ බිරියට තවත් මුදල් පරිත්‍යාගයක්

පාකිස්ථානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ ප‍්‍රියන්ත කුමාර මහතාගේ බිරිඳට හා දරුවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු සුභ සාධන අරමුදලින් ලබාදෙන ලක්ෂ 25 ක් අද ලබා දුන්නේය.

පාකිස්ථානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වන අවස්ථාව වනවිට ප‍්‍රියන්ත කුමාර මහතා එරට පෞද්ගලික ආයතනයක සාමාන්‍යධිකාරීවරයා ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය සේවය ගොස් සිටි විගමණික සේවකයකු වන ප‍්‍රියන්ත කුමාර මහතාගේ මරණය නිසා ඔහුගේ බිරිය හා දරුවන් දෙදෙනා මුහුණ පා සිටින තත්ත්වය සළකා බැලූ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය එහි කම්කරු සුභ සාධන අරමුදලින් ඔහුට ලක්ෂ විසිපහක මුදලක් ලබා දීමට තීරණය කළ අතර එය කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන් විසින් කාර්යංශයේ ප‍්‍රධාන කාර්යාලයේ දී එම චෙක්පත  භාර දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යධිකාරී ඞී. ඞී. පී.සේනානායක යන මහත්වරුන් එක්වී සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?