පාකිස්තානයට යන මෙරට ගුවන් යානා නතර කෙරේ – ඉන්දීය 13 වැනි ඩ්‍රෝන යානයත් බිමට

පාකිස්තානයේ ලාහෝර් සහ කරච්චි වෙත සිය පියාසැරි සිදු කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය යටතේ ඇති සියලුම ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ ඉන්දු – පාකිස්තානය අතර මේ වනවිට (08) හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර ‘ද ඩවුන්’ පුවත් සේවය වාර්තා කරන පරිදි ලාහෝර් නුවර දී පාකිස්තාන ආරක්ෂක අංශ විසින් ඉන්දීය ගුවන් හමුදාවට අයත් 13 වැනි ඉන්දීය ඩ්‍රෝන යානාව ද සාර්ථක ව බිම හෙළා තිබෙනවා.

එහිදී හමුදා භටයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි පාකිස්තානු ISPR අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේ.

එමෙන්ම එම සිදුවීමෙන් සින්ද් හි මියානෝ ප්‍රදේශයේ සිවිල් වැසියෙකුට ජීවිතය ද අහිමි ව තවත් අයෙකු තුවාල ලබා ඇති බවත් ජෙනරාල් චෞද්‍රි පැවසුවා.

මේ අතර ඉන්දීය ගුවන් හමුදාව විසින් ප්‍රහාර සඳහා එවනු ලැබූ ඩ්‍රෝන යානා ඉන්දියානු ඩ්‍රෝන යානා බිම හෙළන ලද ස්ථාන ගැන වාර්තාවක් ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අතර පාකිස්තානයේ ලාහෝර්, ගුජ්රන්වාලා, චක්වාල්, රාවල්පින්ඩි, බහවල්පූර්, මියානෝ, චෝර් සහ කරච්චි මේ අතර වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
4
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?