AFC Banner
Empty Ad
Empty Ad

පාකිස්තානයට තවත් චෝදනාවක්

2022 වසරේදී පාකිස්තාන හමුදාව විසින් බලුකිස්තානයේ 629 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදහන් කර, 195 දෙනෙකු නීති විරෝධී ලෙස ඝාතනය කර තවත් 187 දෙනෙකුට වධ හිංසා පමුණුවා ඇති බවට බලුකිස්තාන ජාතික ව්‍යාපාරයේ මානව හිමිකම් සංවිධානය වන පාංක් (Paank) විසින් නිකුත් කරන ලද වාර්ෂික වාර්තාව මගින් හෙළි කර තිබෙනවා.

මේ අනුව, 2022 ජනවාරි මාසයේදී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් 92 ක්, මිනීමැරුම් 15 ක් සහ පුද්ගලයෙකුට වධහිංසා පමුණුවීමේ සිදුවීමක් පකිස්ථාන හමුදාව විසින් සිදුකර තිබෙනවා.

පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇති සිදුවීම් අතරට බලහත්කාර අතුරුදහන් කිරීම් 95 ක්, මිනීමැරුම් 42 ක් සහ වධහිංසා පැමිණවීම් 5ක් ඇතුළත්.

Paank වාර්තාවට අනුව, බලහත්කාරයෙන් අතුරුදහන් වූ පුද්ගලයින් 187 දෙනෙකු පසුගිය වසරේ පකිස්ථාන වධක මැදිරිවලින් නිදහස ලැබූවන්.

2022 වසර බලුකිස්තානයේ සමූහ දඬුවම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, මිනීමැරුම්, සමූලඝාතන සහ ප්‍රචණ්ඩත්වයෙන් සහ ඛේදවාචකයන්ගෙන් පිරී ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් වනවා.

ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුව සහ පකිස්තාන හමුදාව යටතේ ඇති ෆ්‍රන්ටියර් බලකාය බලුකිස්තානයේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු සියගණනක් බලහත්කාරයෙන් යටත් කර ගැනීමේ සිදුවීම්ද වාර්තා වී තිබෙනවා.

බලුකිස්තාන ජාතිකවාදී පක්ෂවලට සම්පූර්ණ තහනමක් පනවා ඇති බවත් දේශපාලන නිදහස ඇත්තේ පාකිස්තාන හමුදාවට සහ හමුදාවට හිතවත් කණ්ඩායම්වලට පමණක් බවත් එම වාර්තාවේ සඳහන්.

පාකිස්ථානයේ අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම පසුගියදා පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වුණේ අතුරුදහන් වූ  පුද්ගලයන් 974 දෙනෙකු රැඳවුම් මධ්‍යස්ථානවල සිටි අය වන  අතර 616 දෙනෙකු බන්ධනාගාරවල රැඳී සිටි පිරිස බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?