පාකිස්තානයට ඩොලර් බිලියන 3ක IMF ණයක් සඳහා එකඟතාව

දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණදී සිටින පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඩොලර් බිලියන 3ක ණය මුදලක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.

IMF මුල්‍ය මණ්ඩලය විසින් අනුමත කළ යුතු මෙම ගනුදෙනුව තවත් මාස අටක පමණ කාලයකින් පකිස්ථානයට ලැබෙනු ඇති බවටයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

කාර්ය මණ්ඩල මට්ටමින් එකඟ වූ පසු මෙවැනි ණය ගනුදෙනු සාමාන්‍යයෙන් IMF හි විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමයි සිදු වන්නේ.

එම මණ්ඩලය ඉදිරි සතිවලදී ගිවිසුම සලකා බලනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

1947 වසරේ දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු පකිස්ථානය එහි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටිනවා.

IMF ගනුදෙනුව සුරක්ෂිත කර ගැනීම සඳහා පාකිස්තානයේ මහ බැංකුව සඳුදා සිය ප්‍රධාන පොලී අනුපාතය 22% දක්වා ඉහළ නංවා තිබෙනවා.

වසර ගණනාවක මූල්‍ය අවභාවිතයෙන් පසුව දැනටමත් අරගල කරමින් සිටි පකිස්තානයේ ආර්ථිකය, පසුගිය වසරේ රටට බලපෑ ගෝලීය බලශක්ති අර්බුදය සහ විනාශකාරී ගංවතුර හේතුවෙන් තවත් අගාධයට තල්ලු වී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

යුක්රේන රුසියාවේ යුද්ධය, මිලියන සංඛ්‍යාත පකිස්ථානුවන්ගේ ජීවිතවලට බලපෑ 2022 වසරේ ව්‍යසනකාරී ගංවතුර සහ ජාත්‍යන්තර වශයෙන් භාණ්ඩ මිල ඉහළ යාම වැනි බාහිර සාධක කිහිපයකට ආර්ථිකය මුහුණ දී තිබෙනවා.

මෙම අර්බුද මෙන්ම ඇතැම් වැරදි ප්‍රතිපත්තිමය පියවර හේතුවෙන් ආර්ථික වර්ධනය ඇනහිට ඇති බවයි සැලකෙන්නේ.

ප්‍රශ්නය වන්නේ ක්ෂණික සහනවල සිට දිගු කාලීන ප්‍රකෘතියක් කරා ආර්ථිකය හැරවීමට අවස්ථාවක් ලෙස මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගනුදෙනුව භාවිතා කළ හැකිද යන්නයි.

පකිස්ථානයේ වාර්ෂික උද්ධමන අනුපාතිකය මැයි මාසයේදී 38%කට ආසන්න වාර්තාගත ඉහල මට්ටමක් කරා ලඟා වුණා.

මිලියන 230 කට අධික ජනතාවක් සිටින පකිස්ථානය සිය ආර්ථිකය ස්ථාවර කිරීමට වසර ගණනාවක් තිස්සේ අරගල කරමින් සිටිනවා.

මේ වසරේ රටේ විදේශ විනිමය සංචිත සති තුනකට අඩු ආනයන ආවරණය වන මට්ටමට පහත වැටී තිබෙනවා.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ද මූල්‍ය වෙලඳපොල අවුල් කිරීමට හේතු වී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මැයි මාසයේදී, ඛාන් මහතා දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ අතර, එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීති විරෝධී ලෙස තීන්දු කරනු ලැබුවා.

පසුගිය වසර තුළ පකිස්ථාන රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 40% කින් පමණ පහත වැටී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52
Video thumbnail
මේ ආණ්ඩුව තියෙන්නේ බම්බු ගහන්න ද.. අනුරගේ කතාවෙන්ම අනුරට දෙයි
09:11
Video thumbnail
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිහින් ගි#ණු සිසුවාගේ සිරුර සොයාගයි - මිනිස්සු හඬා වැටෙයි
01:51
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51