ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ ගේ දේහය අද පස්වරුවේ නිවසට

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද (12) පස්වරුවේ ගනේමුල්ල කොස්ඉන්න ප්‍රදේශයේ ඇති ඔහුගේ නිවස වෙත රැගෙන ඒමට නියමිතය.

ජයලාල් රෝහණ මහතා මියයන විට 56 වන වියේ පසුවිය.

ප්‍රවීණ රංගන ශිල්පි ජයලාල් රෝහණ මහතා උපත ලබන්නේ 1964 නොවැම්බර් මස 01 වනදාය.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු ඔහු උසස් අධ්‍යාපනය නිම කරන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි. 

සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විෂයන් සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙක් වන ජයලාල් රෝහණ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ ආරාධිත කථිකාචාර්යවරයෙකු ලෙස ද, නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙකු ලෙස ද කටයුතු කළේය.

රංගන ශිල්පියෙකු ලෙස පමණක් නොව නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගුවන්විදුලි පිටපත් රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙස ‍ඔහු කලා ක්ෂේත්‍රයට දැක්වූ දායකත්වය අතිමහත් ය.

අයෝමා, ටිකිරි සුවඳ, සිංහාවලෝකනය සහ ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් වැනි චිත්‍රපට සඳහා ජයලාල් රෝහණ මහතා රංගනයෙන් එක්ව තිබුණි.

ඔහු රඟපෑ වේදිකා නාට්‍ය අතරට මුහුදු පුත්තු, කැලණි පාලම, ගංගාවක්, කළු සහ සුදු මෙන්ම හන්කිති දහතුන ඇතුළත් ය.

වේදිකාවෙත් පුංචි තිරයෙත් දැක්වූ රංගනයේ විශිෂ්ට ප්‍රතිභාව වෙනුවෙන් අවස්ථා රැසකදී ජයලාල් රෝහණ මහතා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඉසුරු යෝගයේ මුතුමිණ ගේ චරිතයත් සඳගලතැන්නේ ග්‍රාමසේවකගේ චරිතයත් ජයලාල් රෝහණ මහතාගේ රංගනයේ විශිෂ්ටත්වය අපූරුවට විදහා දැක්වීමට සමත් විය.

ප්‍රහසන කලා ශිල්පියෙකු ලෙසින් ද සිය රංගනය තුළින් ප්‍රේක්ෂකයින් සිනා සයුරක ගිල්වූ ජයලාල් රෝහණ මහතා සිය ජීවන ගමනට සමුදුන්නේ ඊයේ (11) රාත්‍රියේ ය. 

පවුලේ ඥාතින් පැවසුවේ, දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09