ප්‍රකාශයක් දෙන්න CIDයට ආ චූලා කියපු කතාව

කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියා තමන් හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම සඳහා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බව ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චුල්පත්මේන්ද්‍ර කුමාරපතිරණ පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

තමන් කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියාව පෞද්ගලිකව නොහඳුනන බවත් නෙළුම් පොකුණේ සිද්ධිය පිළිබඳව දැන ගැනීමට ඔහු තමන් සමග දුරකතනයෙන් කතාබහ කළ පමිණින් තමන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම විහිළුවක් බවත් ඇය සඳහන් කළා.

“කීර්ති රත්නායක කියන journalist මට කතා කළා අර නෙළුම් පොකුණේ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන අහන්න. ඔහුව කොහො ම ද දන්නේ කියන එක තමයි. Journalist කෙනෙක් හැම තිස්සේ ම ඉතින් අපිට කතා කරනවා. කීර්ති රත්නායක නෙමෙයි ඇති වෙන්න journalists ලා ඒ කාලය තුළ දී මම හිතන්නේ internationally වුණත් journalists ලා අපිට කතා කළා ඒ සම්බන්ධව අහන්න. ඉතින් අපිටත් ඕනේ වුණේ අපේ පැත්තේ තිබ්බ story එක එළියට… මොක ද හරි ම අඩු ප්‍රමාණයක් තමයි අපේ පැත්තෙන් තියෙන ඇත්ත එළියට දැම්මේ. එයාව කොහොම ද දන්නේ කියල අහන්න තමයි මට අද එන්න කිව්වේ. මේක විහිළුවක්. මොක ද මම කීර්ති රත්නායක කියන journalistව කළු ද සුදු ද කියලවත් දන්නේ නෑ. මොක ද අපිට කතා කළා ම media එකකින් ආ මම මේ media එකෙන් කතා කරන්නේ, අපිට දෙන්න කියලා. ඉතින් අපි දෙනවා. ආදරණීය අපේ ජනාධිපතිතුමාට අපි කියන්න ඕනේ අපිත් මහන්සි වුණා ඔබතුමාව මේවා කරන්න. පහුගිය කාලේදී අපි දැක්කා ගොඩාක් දේවල් වෙනවා. ඒගොල්ලන්ව නම් අපි දැක්කේ නෑ CID කැඳවනවා. මම සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය ගැහැණියක්. ඉතින් අපිව මෙහෙ ම ගෙන්නනවා කියන්නේ මාධ්‍යවේදියෙක් එක්ක කතා කරනවා කියලා ඇත්තට ම ඒක විහිළුවක්.”

මාධ්‍යවේදියෙකු වන කීර්ති රත්නායක කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට කළ අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09