ප්ලෙසිස් හා කෝලිගෙන් ගැලවුණු RCB නායකත්වය පටිදාර්ට

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් (RCB) කණ්ඩායමේ නව නායකත්වයට රජත් පටිදාර් (Rajat Patidar) නම්කර තිබෙනවා.

31 හැවිරිදි රජත් 2021 වර්ෂයේ සිට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සමග ක්‍රීඩා කරන අතර මෙවර ඔහුට කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් නායකත්වය පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2025 මෙම වසරේ මාර්තු 21 වැනිදා සිට පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ RCB හි නායකයා වන්නේ රජත් පටිදාර්.

පටිදාර් RCB වෙනුවෙන් ජාත්‍යන්තර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග ගණනාවක් ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ ඉහළතම ලකුණු වන්නේ නොදැවුණු ලකුණු 112යි.

පටිදාර් ප්‍රධාන පිතිකරුවෙකු ලෙසයි සැලකෙන්නේ.

2022 සිට 2024 දක්වා RCB නායක ෆෆ් ඩු ප්ලෙසිස් මෙවර නායකත්වයට පත් නොකර ඇති අතර බොහෝ දෙනෙක් විශ්වාස කළේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක විරාට් කෝලි වෙත යළිත් නායකත්වය පැවරෙනු ඇති බවයි.

නමුත් එම විශ්වාසයන් බිඳ දමමිනුයි රජත් පටිදාර් හට මෙම තනතුර ලැබී ඇත්තේ.

RCB කණ්ඩායම් අධ්‍යක්ෂ මෝ බොබට්, ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් සහ පටිදාර් සහභාගී වූ උත්සවයකදී
බැංගලෝර්හි දී අද (13) මෙය නිල වශයෙන් දැනුම්දුන්නා.

2021 දී ඔවුන් සමඟ එක් වූ දා සිට පටිදාර් කණ්ඩායම වෙනුවෙන් වාර තුනක් ක්‍රීඩා කර ඇති අතර තරග 28කදී 158.85ක ප්‍රහාරක වේගයකින් ලකුණු 799ක් ලබා සිටිනවා.

රාජත්ට සන්සුන් බවක් ඇති අතර එය රජත්ට හොඳ ස්ථාවරයක් වනු ඇත, විශේෂයෙන් IPL හි,ඔහු ස්වභාවයෙන්ම නිහඬ පුද්ගලයෙක්, නමුත් ඔහු ක්‍රීඩක විවේකාගාරයේ සිටම ඔහු වටා සිටින පුද්ගලයින් ගැන සැලකිලිමත් වනවා. නායකයෙකු ලෙස, එම ගුණාංග වැදගත් වේ.. යනුවෙන් ෆ්ලවර් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?