ප්ලෙසිස් හා කෝලිගෙන් ගැලවුණු RCB නායකත්වය පටිදාර්ට

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් (RCB) කණ්ඩායමේ නව නායකත්වයට රජත් පටිදාර් (Rajat Patidar) නම්කර තිබෙනවා.

31 හැවිරිදි රජත් 2021 වර්ෂයේ සිට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් සමග ක්‍රීඩා කරන අතර මෙවර ඔහුට කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් නායකත්වය පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2025 මෙම වසරේ මාර්තු 21 වැනිදා සිට පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ RCB හි නායකයා වන්නේ රජත් පටිදාර්.

පටිදාර් RCB වෙනුවෙන් ජාත්‍යන්තර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග ගණනාවක් ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ ඉහළතම ලකුණු වන්නේ නොදැවුණු ලකුණු 112යි.

පටිදාර් ප්‍රධාන පිතිකරුවෙකු ලෙසයි සැලකෙන්නේ.

2022 සිට 2024 දක්වා RCB නායක ෆෆ් ඩු ප්ලෙසිස් මෙවර නායකත්වයට පත් නොකර ඇති අතර බොහෝ දෙනෙක් විශ්වාස කළේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක විරාට් කෝලි වෙත යළිත් නායකත්වය පැවරෙනු ඇති බවයි.

නමුත් එම විශ්වාසයන් බිඳ දමමිනුයි රජත් පටිදාර් හට මෙම තනතුර ලැබී ඇත්තේ.

RCB කණ්ඩායම් අධ්‍යක්ෂ මෝ බොබට්, ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් සහ පටිදාර් සහභාගී වූ උත්සවයකදී
බැංගලෝර්හි දී අද (13) මෙය නිල වශයෙන් දැනුම්දුන්නා.

2021 දී ඔවුන් සමඟ එක් වූ දා සිට පටිදාර් කණ්ඩායම වෙනුවෙන් වාර තුනක් ක්‍රීඩා කර ඇති අතර තරග 28කදී 158.85ක ප්‍රහාරක වේගයකින් ලකුණු 799ක් ලබා සිටිනවා.

රාජත්ට සන්සුන් බවක් ඇති අතර එය රජත්ට හොඳ ස්ථාවරයක් වනු ඇත, විශේෂයෙන් IPL හි,ඔහු ස්වභාවයෙන්ම නිහඬ පුද්ගලයෙක්, නමුත් ඔහු ක්‍රීඩක විවේකාගාරයේ සිටම ඔහු වටා සිටින පුද්ගලයින් ගැන සැලකිලිමත් වනවා. නායකයෙකු ලෙස, එම ගුණාංග වැදගත් වේ.. යනුවෙන් ෆ්ලවර් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?