ප්ලාස්ටික් භාණ්ඩ 9ක් ඔක්තෝබර් 1දා සිට තහනම්

ප්ලාස්ටික් භාණ්ඩ 9ක් ඔක්තෝබර් 1දා සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ නිෂ්පාදනය හෝ අලෙවිය තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඊට අදළා ගැසට් නිවේදනය පරිසර ඇමැති නසීර් අහමඩ් විසින් නිකුත් කර ඇති බව එම අධිකාරිය පවසනවා.

ඒ අනුව ප්ලාස්ටික් බීම බට සහ කලතන, තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි යන අයිතම 9 තහනම් කර තිබේ.

ඒවා රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම, නොමිලේ පිරිනැමීම ඔක්තෝබර් 1දා සිට තහනම් වේ.

නියෝග කඩ කරන්නන්ට ජාතික පරිසර පනතේ විධිවිධානවලට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකරිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?