නේපාලයේ දී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන ‘ගම්පහ බබා’ නැමැත්තාගෙන් අනාවරණ කරගත් තොරතුරකට අනුව ටී – 56 උණ්ඩ 50ක් සොයා ගෙන තිබෙනවා.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත රැගෙන ආ ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඊයේ (17) මෙම ටී – 56 උණ්ඩ සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
කෙරවලපිටිය අධිවේගී පිවිසුමේ කණුවක් අසල සඟවා තිබිය දී මෙම උණ්ඩ සොයාගැනීමට හැකිව තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ විසින් මෙම උණ්ඩ ගම්පහ බබා නැමැත්තාට ලබාදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අදාළ පතොරම් තොගය වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
1
+1




