ස්කෑන් පරීක්ෂාවක් සිදුනොකර බහාලුම් තොගයන් නිදහස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු වාර්තාව අද (30) පාර්ලිමේන්තුවේ දී සභාගත කළා.
ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් විසින්.
ආණ්ඩුව විසින් මෙම වාර්තාව මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සඟවා තබා ගත් බවත්, තමන් මෙම කමිටු වාර්තාව අද දිනයේ දී පාර්ලිමේන්තුවේ දී සභාගත කරන බවයි මන්ත්රීවරයා පැවසුවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම කමිටු වාර්තාවෙන් අවදානම් වර්ගීකරණය යටතේ අනිවාර්යයෙන් ස්කෑන් පරීක්ෂාවට ලක් කළ යුතු ‘රතු ලේබලය’ යටතේ වූ බහාලුම් 151ක් අතරින් බහාලුම් 37ක් කිසිදු ස්කෑන් පරීක්ෂාවකට ලක් නොකර නිදහස් කර ඇති බවයි.



