ප්‍රවීන බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර මියගිය බවට පැතිර ගිය කතාව බොරුවක්

හින්දි සිනමාවේ ග්‍රීක දෙවියා ලෙසින් විරුදාවලි ලැබූ 60 දශකයේ හින්දි සිනමාව දිග්විජය කළ ධර්මේන්ද්‍ර මියගිය බවර ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කළ පුවත අසත්‍ය බව ඔහුගේ දියණිය වන ඊෂා ඩියෝල් පවසනවා.

ඊෂා ඩියෝල් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට සටහනක් එක්කරමින් මේ බව පවසා තිබෙනවා.

“මාධ්‍ය මේ වනවිට අසත්‍ය පුවත් පතුරුවමින් සිටින බව පෙනේ. මගේ පියාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වන අතර, ඔහු සුවය ලබමින් සිටිනවා. අපේ පවුලේ පෞද්ගලිකත්වයට ගරුකරන මෙන් අපි සැමගෙන් ඉල්ලා සිටිමු. තාත්තාගේ ඉක්මන් සුවය පතා කරන යාච්ඤාවලට ස්තූතියි.” යනුවෙන් ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ එම සටහන තබා තිබෙනවා.

කලක සිට අහයපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ ධර්මේන්ද්‍ර ඊයේ (10) දිනයේ මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

ප්‍රවීණ නළු ධර්මේන්ද්‍රගේ රසිකයන් ඔහුගේ සෞඛ්‍යය ගැන කනස්සල්ලට පත්ව සිටින අතර තුරයි ඇතැම් ඉන්දීය මාධ්‍ය ඔහු මියගිය බවට අසත්‍ය පුවතක් අද (11) පෙරවරුවේ වාර්තා කර තිබුණේ.

මෙම ප්‍රවීන නළුවා රෝහල් ගත කිරීමෙන් පසු බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් ද, ධර්මේන්ද්‍රගේ සෞඛ්‍යය පරීක්ෂා කිරීම සඳහා රෝහලට පැමිණි අතර, ෂාරුක් ඛාන් ද සිය පුත්‍රයා සමඟ බ්‍රීච් කැන්ඩි රෝහලට පැමිණ තිබුණා.

ඊට අමතරව බොලිවුඩ් නළු ගෝවින්ද, අමීෂා පටෙල් සහ තවත් නළු නිළියන් රැසක් ධර්මේන්ද්‍රගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබදව සොයා බැලීමට ඊයේ දිනයේ සිට රෝහලට පැමිණ තිබෙනවා.

හින්දි සිනමාව දිග්විජය කළ ධර්මේන්ද්‍ර මේ විට ඔහු 89 හැවිරිදි වියේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?