Empty Ad
AFC Banner
Empty Ad

ප්‍රවීණ මෝටර් රථ ධාවකයෙකු යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට

හොරණ ගෝවින්න ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් ප්‍රවීණ මෝටර් රථ ධාවකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද උදෑසන 6ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හොරණ අගලවත්ත මාර්ගයේ ගෝවින්න ප්‍රදේශයේ වංගුවක් සහිත ස්ථානයකදීයි.

මියගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි කෞෂල්‍ය සමරසිංහ නම් තරුණයෙක්.

ඔහු තවත් පිරිසක් සමග යතුරුපැදිවලින් බුලත්සිංහල දෙසට යන අතර මතුගම සිට හොරණ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ මෙම මෝටර් රථ ධාවකයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර බුලත්සිංහල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?