ප්‍රභූන් 13 කට ප්‍රභූ ආරක්ෂාව දී ඇති බවට පළවන වාර්තාවලට ඇමති නලින්දගෙන් පිළිතුරු

ප්‍රභූන් 13 දෙනෙකුට ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (14) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැහැදිලි කිරීමක් සිදු කළා.

ඒ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එලෙස වාර්තා පළ වූ අශෝක රන්වල, මොහොමඩ් රිස්වි සාලි, සරත් කුමාර, අජිත් ශාන්ත, රුවන් විජේවීර, තිලංක යූ ගමගේ, සුනිල් බියන්විල, දිනේෂ් හේමන්ත, රංජිත් මද්දුමබණ්ඩාර, එච්.ඒ ධර්මසේන, ගලගොඩඅත්තේ ඥානසාර හිමි යන 11 දෙනාට ප්‍රභූ ආරක්ෂාව සපයා නොමැති බව, විශේෂ ආරක්ෂක නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පතිවරයාට වාර්තා කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ, අනුව අදාළ පිරිසට කිසිදු ප්‍රභූ ආරක්ෂාවක් සපයා නොමැති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළ අතර, රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු මත පදනම්ව යම් ආරක්ෂාවක් ලබා දී ඇති පිරිසක් ද සිටින බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32