ප්‍රබල ගුජරාට් ලක්නව් හමුවේ පරදියි – අද හයිද්‍රාබාද් හා බැංග්ලූරු අතර තරගයක්

IPL 2025 ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ මේ වනවිට (මැයි 23) පෙරමුණ ගෙන සිටින ප්‍රබල කණ්ඩායමක් වන ගුජරාට් ටයිටන්ස් පරාජයට පත් කිරීමට ඊයේ (22) ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමු ව පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසාන කළේ, කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 235ක් ලබා ගනිමින්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මිචෙල් මාර්ෂ් පන්දු 64ක දී ලකුණු 117ක් රැස් කරගත්තා.

ඊට දැවැන්ත හයේ පහර 08ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

නිකොලස් පූරාන් නොදැවී ලකුණු 56ක් රැස් කළා.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 36යි.

කඩුලු බිඳ දැමීමේ දී ගුජරාට් වෙනුවෙන් සායි කිෂෝරේ සහ අර්ෂඩ් ඛාන් එක් කඩුල්ලක් බැගින් බිඳ හෙලුවා.

ජයග්‍රහණයට ලකුණු 236ක ඉලක්කයක් හඹා ගිය ගුජරාට්වරුන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලබාගත්තේ ලකුණු 202ක් පමණයි.

ශාරුක් ඛාන් ලකුණු 57ක්, ශර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 38ක්, ශුබ්මන් ගිල් ලකුණු 35ක් සහ ජොස් බට්ලර් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී ලක්නව් වෙනුවෙන් විලියම් ඕ’රෞකි කඩුලු 03ක් ද, ආවෙෂ් ඛාන් සහ ආයුෂ් බඩෝනි කඩුලු දෙකක් බිඳ හෙලුවා.

එක් කඩුල්ල බැගින් හිමිවූයේ ශබාස් අහමඩ් හා ආකාෂ් සින්ග් හට යි.

තරගයේ වීරයා සම්මානය මිචෙල් මාර්ෂ් දිනාගත්තා.

එම ජයග්‍රහණයත් සමග ලක්නව් කණ්ඩායම ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ 06 වැනි ස්ථානයේ පසුවනවා.

මේ අතර අද (23) රාත්‍රී 7.30ට ලක්නව් ක්‍රීඩාංගණයේ දී ප්‍රබල රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමට එරෙහිව සන් රයිසස් හයිද්‍රාබාද්වරුන් පිටියට පිවිසෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34