ප්‍රධාන රාජ්‍ය ආයතනවල සයිබර් ආරක්ෂණ පියවර වේගවත් කරයි – හැකර් සිද්ධිය ගැන නවතම තොරතුරු රැසක් එළියට

ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ආයතන 25ක් පුරා සයිබර් ආරක්ෂණ පියවර වේගවත් කිරීමට තීරණයක් ගෙන ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න ප්‍රකාශ කළේ මෙම ආයතන පසුගිය වසරේ පිහිටුවන ලද ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධ කරන බවයි.

ආයතන 37ක් පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා මීට පෙර කැබිනට් අනුමැතිය ලබා දී තිබුණද, මේ දක්වා සම්බන්ධ කර ඇත්තේ ආයතන 12ක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ ඇමරිකානු මිලියන 2.5ක මුදලක් හැකර්වරුන්ගේ අතට පත්වීමේ සිද්ධිය පිළිබඳ සිදුකරන පරීක්ෂණවල ප්‍රගතියක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඒ, පිළිබඳ පුළුල් විමර්ශනයක් ද මේ වනවිට සිදු කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් නවතම තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52